බෝක්කුවක් තුළ පුද්ගල මළ සිරුරක්

හැටන්, කොටගල රොසිටා නගරයේ බොක්කුවක් තුළ

තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (02) සොයාගත් බව දිඹුල පතන පොලීසිය පැවසිය.

කොටගල නගරයේ ජලය ගලා බසින කාණු පද්ධතියක බොක්කුවක් තුළ අවුරුදු 70ක් පමණ වයසැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ප්‍රදේශවාසින් පොලීසියට කළ දැනුම් දීමෙන් පසු සිරුර සොයාගෙන තිබේ.

කොටගල නගරය හරහා ගමන් කළ පුද්ගලයෙකු අනාරක්ෂිත බොක්තුව තුළට වැටී මිය යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව දිඹුල පතන පොලීසිය පැවසිය.