67 වන මහලෙන් ඇදවැටී මියගිය දරුවන් ගැන තවත් තොරතුරු

කොම්පඤ්ඤවීදියේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක

67 වන මහලෙන් ඇද වැටී 15 හැවිරිදි සිසුවෙකු සහ සිසුවියක මිය ගොස් තිබුණි.

කොම්පඤ්ඤවීදිය පොලීසිය පැවසුවේ, වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවෙකු සහ සිසුවියක මෙලෙස මියගොස් ඇති බවය.

මියගිය සිසුවිය සහ සිසුවා කොළඹ ජාත්‍යන්තර පාසලක එකම පංතියක ඉගෙනුම ලබමින් සිටි දෙදෙනෙකු බවට ද අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලීසිය මඟින් විමර්ශන ආරම්භ කර ඇති අතර මෙය සියදිවි හානි කර ගැනීමක් බවට පොලීසිය සැක පළ කරයි.