ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇති
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික මහජන අදහස් ලබා ගැනීම අද (09) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.
විදුලි බල පනතට අනුව මේ වසරේ විදුලි ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිත අතර ඊට පෙර මෙම මහජන අදහස් විමසීම සිදුකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේය.
ඒ අනුව අද පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී වාචික මහජන ලබා ගැනීමේ සැසිය සිදුකිරීමට නියමිතය.
අද දිනයේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා විවිධ විදුලි පාරිභෝගික කණ්ඩායම්, කර්මාන්ත හා සංවිධාන නියොජනය කරමින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ලියාපදිංචි වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේය.
මහජන අදහස් විමසීම අවසන් වූ පසු ජුලි මස15 වන දින විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසාන තීරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.