දුම්රියෙන් වැටී මගියෙක් මරුට

අද (10) පස්වරුවේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය

අසලදී දුම්රිය මගියෙකු  දුම්රියෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්වී තිබේ. 

එම මගියා ඇද වැටී තිබුණේ කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියෙනි. 

පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නොමැති බවය.