රේගු වර්ජනය නිසා බහාලුම් 5000ක් ගොඩගැසේ

රේගු වැඩවර්ජනය හේතුවෙන් ගොඩ ගැසුණු

බහාලුම් 5000කට අධික ප්‍රමාණය මුදාහැරීමේ කටයුතු සඳහා සතිඅන්තයේ දීත් කඩිනම් වැඩසටහනක් සකස් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව ලබන සඳුදා වනවිට එම තදබදය අවම කරගත හැකි වනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

මැතිවරණයක් ආසන්න වනවිට වෘත්තීය ක්‍රියාමාර්ග සුලභවීම අපේක්ෂා කළ හැකි තත්ත්වයක් බවත් බහුතරයක් වෘත්තීය සමිති දේශපාලන ව්‍යාපාරයක් හා සම්බන්ධව පවතින බවත් අමත්‍යවරයා සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව කියා සිටියේ රුවන්වැල්ල රාජසිංහ විදුහලේ ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වෘත්තීය සමිති විසින් පළමුව සිය වෘත්තීය, දෙවනුව ආයතනය, තුන්වනුව රටේ පවතින තත්ත්වය සලකාබලා තීරණ ගත යුතු බවය.

වැඩවර්ජන යනු වෘත්තීය සමිතියක් විසින් ක්‍රියාත්මක කළ යුතු පළමු ක්‍රියාමාර්ගය නොව අවසාන ක්‍රියාමාර්ග බවද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.