රක්ෂිත බන්ධනාගාරගත කළ IPගේ කට කැපීම ගැන වාර්තාවක් ඉල්ලයි

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙකුට බන්ධනාගාරය තුළදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය. 

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම සැකකාර පොලිස් පරීක්ෂකවරයා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් බොරැල්ල පොලීසියට වැඩිදුරටත් නියෝග කර සිටියේය.