අද කාලගුණය

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන්

දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිකුත් කළ සිය නවතම නිවේදනයෙන් පෙන්වා දෙයි.

ඒ අනුව අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 50ත් 60ත් අතර තද සුළං ද ඇති වෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින්විට හමන පැ.කි.මී. 30ක 40ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකි බව එහි වැඩිදුරටත් දැක්වෙයි.