අඹු සැමි යුවලකට වෙඩි ප්‍රහාරයක්

මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය - ජුලම්පිටිය මාර්ගයේදී

ඊයේ (21) රාත්‍රී 10ට පමණ වෙඩි තැබීමක් සිදුකර තිබේ.

එහි ඉලක්කය වී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ප්‍රාදේශිය සභා අපේක්ෂකයෙ කි.

ඔහු සිය වෙළෙඳසැල වසා බිරිඳ සමග යතුරුපැදියෙන් නිවාස බලා ගමන්කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

එහිදී 42 හැවිරිදි පිරිමි පුද්ගලයාට වෙඩි වැදී ඇති අතර ඔහුගේ බිරිඳ ට තුවාල සිදුවී ඇත්තේ යතුරුපැදිය පෙරළීම හේතුවෙනි.

දෙදෙනාම ප්‍රතිකාර සඳහා මිද්දෙණිය රෝහලට ඇතුළුකර තිබේ. පසුව බිරිඳ ව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරුකර යැවිණි.

වෙඩි තැබීම සඳහා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් යොදාගෙන ඇති අතර පොලීසිය පැවසුවේ වෙඩික්කරු එය එම ස්ථානයේ දමා පළාගොස් ඇති බවයි.

(Ada derana)