වාඩියක මළ සිරුරක් - තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට

හම්බෙගමුව - කුකුල්කටුව ප්‍රදේශයේ

හේනක සකසා තිබූ වාඩියක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ.  

පොලීසිය පැවසුවේ ඊයේ (21) උදෑසන හම්බෙගමුව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී එම සිරුර හමුවූ බවයි.

එය පහරදීමකින් සිදූ වූ ඝාතනයක් බවට හෙළි වී තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 51 හැවිරිදි මහගම, මතුගම ප්‍රදේශයේ සිට පැමිණ හම්බෙගමුව - කුකුල්කටුව ප්‍රදේශයේ වගා කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයෙකි. 

මෙම පුද්ගලයා තවත් දෙදෙනෙකු සමග එම වාඩියේ මත්පැන් පානය කරමින් සිට ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු තියුණූ ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.

ඝාතනය සිදුකළ බවට සැකපිට 25 හැවිරිදි සහ 27 හැවිරිදි වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පැවසුවේ මෙම සැකකරුවන් හම්බේගමුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි.

හම්බේගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

(Ada derana)