අගමැතිගේ විශේෂ ප්‍රකාශය ඇරඹෙයි

පාර්ලිමේන්තුව අද (26) පෙරවරු 09.30ට

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරයි.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුව පිළිබඳව රජයේ නිල ස්ථාවරය අග්‍රාමාත්‍යවරයා එහිදී පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරනු ඇත.

එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ,

"පොලිස්පති සම්බන්ධව වැඩ අත්හිටුවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය බලරහිත කළයුතු යැයි කථානායකවරයා සහ පාර්ලිමේන්තුව වෙත සිහිපත් කරනවා.  කථානායකවරයා මේ සම්බන්ධව හැකි ඉක්මණින් මැදිහත් වන ලෙස අපි දන්වා සිටිනවා."

එම වීඩියෝව ඉහතින් නරඹන්න...