ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව පෙර සිටම දැන සිටියා - ජනපති

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව

තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ ඒ බව තමා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී අවශ්‍ය නම් උපකාර කිරීමට ද පොරොන්දු වූ බවයි.

ඊයේ (26) පස්වරුවේ තරුණයින් පිරික් විසින් සංවිධානය කර තිබූ  #AskRanilLive නම් ප්‍රශ්න ඇසීමේ වැඩසටහනකට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී මෙම වැඩසටහන සජිවීව නරඹමින් ජනාධිපතිවරයාට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න යොමු කිරීම සිදුවිය.