ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස
විජයදාස රාජපක්ෂ හා ලේකම්වරයා ලෙස සාරථි දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය දිර්ඝ කර තිබේ.
සැප්තැම්බර් මස 24 වන දා දක්වා එම නියෝගය දීර්ඝ කරණ ලෙස කොළඹ දිසා අධිකරණය අද (29) නියෝග කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව එම නියෝග නිකුත් කර තිබේ.
නඩුවට අදාළ විරෝධතා සැප්තැම්බර් මස 24 වනදාට පෙර ගොනු කරන ලෙසත් වග උත්තරකරුවන්ට නියෝග කෙරුණි.
එම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.