අටවන උගුල්වලට මෙදා පාර රැවටෙන්නේ නැහැ - සජිත්

රජය මේ මොහොතේ ප්‍රකාශයට පත්කර ඇති

ජනතා සහන මේ වසරේ මුලදී හෝ ලබාදුන්නේ නම් ජනතාවට මීට වඩා ප්‍රතිලාභයක් අත්වීමට ඉඩ තිබූ බව, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මාතර ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය. 

ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සමගි ජන බලවේගය සංවිධාන කරන ජන රැලි මාලාවේ 51 වැනි ජන රැලිය ඊයේ මෙලෙස හබරාදුවේදී පැවැත්වුණි.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,

"ජනතාවට පටවන්න පුළුවන් බර ටික ඔක්කොම පටවලා. දැන් ජනාධිපතිවරයා තරගෙට නිවේදන නිකුත්කරනවා...බදු අඩු කරන්නම්,  පඩි වැඩි කරන්නම්, සහන දෙන්නම් කියලා. මං අහන්න කැමතියි අඩුම තරමේ මේ වසරේ මුලදිවත් මේ සහන ටික ලබාදෙන්න තිබුණා."  

"අනුර කුමාර මහත්තයත් කියනවා ඇහුනා අපි ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක කරන්න සැරසෙනවලු. අපි කිසිදාක ප්‍රචණ්ඩ ක්‍රියා ක්‍රියාත්මක කරලා නැහැ. අනුර අටවන කිසිම උගුලකට මේ රටේ ජනතවා මෙදා පාර රැවටෙන්නේ නැහැ."