හැමෝටම සහනයක් ලැබෙනවා - රනිල්

ආර්ථිකය ස්ථාවර කිරීමට හැකිවීම හේතුවෙන්

ජනතාවට සහන ලබාදීමට අවස්ථාව ලැබුණු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බේරුවල පැවැති පුළුවන් ශ්‍රී ලංකා ජනරැලිය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ "පුළුවන් ශ්‍රී ලංකා" සංකල්පය බලගැන්වීමේ අරමුණින් සංවිධාන කළ තවත් ජන රැලියක් ඊයේ (13) පස්වරුවේ මෙලෙස බේරුවලදී පැවැත්වුණි.

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා,

"වාහන ආනයනය තහනම ඉවත් කළා. පුද්ගල ආදායම් බදු අඩු කරනවා. හැමෝටම යම් සහනයක් ලැබෙනවා. මෙහෙම දියුණු කරගෙන යනකොට ඒවා කඩාකප්පල් කරන්නද ලෑස්ති වෙන්නේ. අනුරගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළොත් ඩොලරයකට රුපියල් 400ක් ඕන වෙයි.  අනෙක් පැත්තෙන් ඉන්නවා සජිත්. දැක්ක හැමදේම නොමිලේ දෙනවා."