පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර කම්කරු දින පෙළපාලිය සහ රැළිය

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙවර ද ජාත්‍යන්තර කම්කරු දිනය සමරනු වස් පෙළපාලියක් සහ රැලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

මෙවර මැයි දිනයේ තේමා පාඨය වන්නේ  ''IMF මර උගුලට, ඉන්දියානු විජිතකරණයට එරෙහි එළියේ බලයක්!'' යන්න ය.

 

මෙවර පෙළපාලිය දහවල් 12.00ට BRC පිටියෙන් ආරම්භ වී හයිලෙවල් පාර ඔස්සේ කිරුළපන ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණය දක්වා පැමිණිමට නියමිත ය. රැස්වීම පැවැත්වෙන්නේ සවස 3.00ට කිරුලපන ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණයේ දී ය.

 

මෙවර අනුබද්ධ සංවිධාන ලෙස කටයුතු කරන්නේ: කම්කරු අරගල මධ්‍යස්ථානය, ගොවි අරගල ව්‍යාපාරය, නිදහස උදෙසා කාන්තා ව්‍යවපාරය, විප්ලවවාදී ශිෂ්‍ය සංගමය සහ Youth for Change යන සංවිධාන ය.

 

කථිකයින් ලෙස: ගොවී අරගල ව්‍යවහාරයේ විමල් වත්තුහේවා, Youth for Change ළහිරු වීරසේකර,  විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ මංගල මද්දුමගේ, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ හේමමාලි අබේරත්න,  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්, වතු කම්කරු මධ්‍යස්ථානයේ මාක්ස් ප්‍රභාකර්  සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සහභාගි වීමට නියමිත ය.

 

(සටහන | ජයසිරි අලවත්ත)