කොළඹ වරායේ බහාලුම් තදබදය පැවැති සමයේ බහාලුම් 300 කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවකට ලක්නොකර නිදහස් කිරීමට අනුමැතිය දී ඇත්තේ අමාත්‍ය බිමල් රත්නායක බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අනාවරණය කරනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු ඊයේ වැඩිදුරටත් කියා සිටියේ, මෙම බහාලුම්වල හිමිකාරීත්වය පිළිබඳව තොරතුරු ලබාගැනීමට අධිකරණය හරහා කටයුතු කරන බවයි