රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට විසින් ඇප මත නිදහස් කලේය.
චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධ නඩුව කැඳවූ අවස්ථාවේ මෙම ඇප නියෝගය නිකුත් කරන ලදී.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී වරෙන්තු නිකුත් කළාය.
ඒ අනුව මෝසමක් මාර්ගයෙන් පසුගිය 20 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාරවූ ඔහු අද දක්වා රිමාන්ඩ් කරන ලදී.