ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි

ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි

ගුරුවරුන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශයේ විරෝධතාව‍යක නිරත වෙනවා. 

ඒ , මහජන දිනයේදීවත් අධ්‍යාපන ලේකම් හමුවීමට අවස්ථාව ලබා නොදුන් බව සඳහන් කරමිනි.
 
ඔවුන් සඳහන් කරන්නේ, අධ්‍යාපන ලේකම් හමුවීමට පැමිණි දසවන අවස්ථාව මෙය වන බවයි.
 
වාර්තා වන්නේ, සිය දරුවන් තමා සිටින පාසලටම ඇතුළත් කර ගැනීමට පවතින වරප්‍රසාදය අහිමි නොකරන ලෙස ඉල්ලා මෙසේ ගුරුවරු විරෝධතාවයේ නිරත වෙන බවයි.
මෙම වසරේ මෙය කප්පාපු කළහොත් ඉදිරියේදී කිසිම ගුරුවරයෙක්ට මෙම වරප්‍රසාදය හිමි නොවනු ඇති බවයි, ඔවුන් සඳහන් කර සිටින්නේ.

Search