ජනාධිපතිවරයා පළාත් පාලන ආඥා පනතේ තිබෙන නීති රීති නැවත නැවත උල්ලංඝනය කරනවා -මුජිබර්

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (27) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා. 

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,
 
‘‘පළාත් පාල මැතිවරණ සම්බන්ධයෙන් මේ වනවිට විශාල උනන්දුවක් හැමකෙනා තුළම මේ වන විට ඇති වී තිබෙනවා.  මැතිවරණ කොමිසමේ ප්‍රකාශන අනුව ඡන්දය පවත්වපු පළාත් පාලන ආයතන ප්‍රමාණය 339 ක්. මැතිවරණය පවත්වපු පළාත් පාලන ආයතන 339 න් පළාත් පාලන ආයතන 178 ක බලය පිහිටුවීමට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තේරීමට එම පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීමක් සිදුකිරීමට සිදුවනවා. 
 
ඒ වගේම ජනාධිපති අනුර දිසානායක මහතා පසුගිය කාලයේදී ප්‍රකාශ කළ කතාව නැවත ප්‍රකාශ කළා.  ඔහු ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයට නැවත ජනතාව බලය ලබාදී ඇති බවයි.  ඒ බව අපි පිළිගන්නවා.  ජනතාව ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිවරයෙක් වත් කරගෙන තිබෙනවා.  ඒ වගේම ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාදීමට ජනතාව කටයුතු කර තිබෙනවා.  ඒවගේම පළාත් පාලන නීතිරීති අනුව ජාතික ජන බලවේගයට බලය පිහිටුවන්න ඉඩකඩ තිබෙනවා.  ඒ වගේම ඇතැම් පළාත් පාලන ආයතන සඳහා ජාතික ජන බලවේගයට ජනතාව බහුතර ජනමතයක් ලබාදී නැහැ.  
 
ඒ වගේම ජාතික ජන බලවේගයට පළාත් පාලන නීතිය අනුව ජනතාව බහුතර බලයක් ලබා දීතිබෙනවා.  ඇතැම් පළාත් පාලන ආයතන සඳහා ජාතික ජන බලවේගයට ජනතාව බහුතර බලයක් ලබාදී නැහැ.  ඒ අනුව ඔවුන්ට එම පළාත් පාලන ආයතනවල සම්පූර්ණයෙන්ම බලයය පිහිටුවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. 
 
ඒ අනුව පළාත් පාලන ආයතන 178 බලය පිහිටුවීම සඳහා එසේත් නැතිනම් නගරාධිපති සභාපතිවරු තේරීමට ඡන්දයක් පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරනවා.  කෙසේ නමුත් ජනාධිපතිවරයා මෙය වටහා නොගෙන ඔහු ප්‍රකාශ කරනවා ජනතාව ඔවුන්ට බලය ලබා දී තිබෙනවා කියලා. නමුත් ජාතික ජන බලවේගයට බලය පිහිටුවීමට හැකි සහ නොහැකි පළාත් පාලන ආයතන තිබෙනවා.  ඒ අනුව ජනතාව ජාතික ජන බලවේගයට සම්පූර්ණයෙන්ම බලය ලබාදී නැති බව පෙනෙන්නට තිබෙනවා. 
 
ඒවගේම ජනාධිපතිවරයා පළාත් පාලන ආඥා පනතේ තිබෙන නීති රීති නැවත නැවත උල්ලංඝනය කරමින් එම නීති රීතිවලටට පටහැනිව පළාත් පාලන ආයතන සියල්ල ඔවුන්ගේ යටතට ගැනීමට , ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා.  ඒ වගේම ඔහුගේ ඇතැම් ප්‍රකාශන පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥා පනතටත් පටහැනි.  ඒවගේම අනුර දිසානායක මහතා විපක්ෂයේ සිටින කාලයේදී කතා කළේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ පරමාධිපත්‍යය පිළිබඳවයි. නමුත් ඔහු ජනාධිපති වූ පසු ඒවා සියල්ල උල්ලංඝනය කරමින් කටයුතු කරන බව පෙනෙන්නට තිබෙනවා.  ඒ සම්බන්ධයෙන් අපි කණගාටුවට පත්වෙනවා. 
 
ඒ වගේම ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා සුන්බුන් එකතු කර ඔවුන් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්නේ නෑ කියලා.  ඒ වගේම ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 178 ක බලය පිහිටුවීමට අනෙකුත් පක්ෂවල සහාය අවශ්‍ය වෙනවා.  ඒ සඳහා යම් යම් පක්ෂවල සහ පුද්ගලයින්ගේ උදව් ලබා ගැනීමට මේ වන විට සාකච්ඡා පවත්වමින් තිබෙනවා.  කෙසේ නමුත් ඒ ක්‍රියාවලියක් අනුමත කිරීමට නොහැකියි.  මොකද ජනාධිපතිවරයා විපක්ෂය අනෙකුත් පක්ෂ හඳුන්වන්නේ සුන්බුන් ලෙසයි.  කෙසේ නමුත් බලය ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා සුන්බුන් පසුපස යන ආකාරයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.  ඒ නිසා ජාතික ජන බලවේගයට බලය පිහිටුවීම සඳහා සුන්බුන් සමග කටයුතු කරන බව තමයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ යුතුව තිබෙන්නේ.  ඒ වගේම ජනාධිපතිවරයා හොරුන් ලෙස අර්ථ දැක්වූ ස්වාධීන කණ්ඩායම් දැන් ඒ ලේබලයෙන් ගැලවීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.  ඒ වගේම ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ පක්ෂවලටත් මේ වන විට කතා කරමින් සිටිනවා.  කෙසේ නමුත් බලය පිහිටුවීම සඳහා ඕනෑම දෙයක් සිදු කිරීමට ජාතික ජන බලවේගය සූදානම් බව තමයි මේ හරහා ඔවුන් රටට පෙන්වමින් සිටින්නේ. 
 
ඒ වගේම ඔවුන් පිරිසිදු බවත් ස්වාධීන කණ්ඩායම් සහපක්ෂ වල සිටින්නේ කොරුන් සහ දූෂිතයන් බව මැතිවරණ වේදිකාවලදී ජාතික ජන බලවේගයේ පිරිස් ප්‍රකාශකළා.  නමුත් බලය පිහිටුවීමට යාමේදී ස්වාධීන කණ්ඩායම්වල සහ පක්ෂවල සිටිනන පුද්ගලයන් පිරිසිදු පුද්ගලයන් වී තිබෙනවා.  ඔවුන් හොරුන් ලෙස අර්ථ දැක්වූ පිරිස අතරේ හොඳ පිරිසකුත් සිටින බව ජාතික ජන බලවේගයට අද පිළිගැනීමට සිදුවී තිබෙනවා. ඒක හොඳ තත්ත්වයක්.  ඒවගේම ආණ්ඩුවට අනියම් ලෙස පිළිගැනීමට සිදුවී තිබෙනවා ඔවුන් පමණක් නොවෙයි තවත් පිරිසිදු කණ්ඩායම් සිටින බව.
 
ඒවගේම  පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසු  ස්වාධීන කණ්ඩායම් සමඟ සාකච්ඡා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ‍ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව ජාතික ජන බලවේගයෙන් සභාපතිවරයෙක් හෝ නගරාධිපතිවරයෙක් පත්කිරීමට ඔවුන් සහාය දක්වනවා නම් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණා.  ඒ අනුව අල්ලස් වෙනුවට අලුත් නමක් සමාජගත වෙලා තිබෙනවා.  ඒ නම තමයි ප්‍රතිපාදන.  ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දුන්නොත් ප්‍රතිපාදන ලබාදෙන බව තමයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා සඳහන් කරන්නේ.  කෙසේ නමුත් වක්‍රාකාරයෙන් ඔහු සඳහන් කරන්නේ අල්ලස් දෙන බවයි. ප්‍රතිපාදන නමින් ඔවුන් මේ ලබා දෙන්නෙත් අල්ලස්.  ඒවා ලබාදෙන්නේ ඔවුන්ට බලය අහිමි පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීමටයි. ඒ වගේම ජාතික ජන බලවේගයෙන් පත්වන සභාපතිවරයා හෝ නගරාධිපතිවරයාට සහාය දැක්වුවහොත් ප්‍රතිපාදන දෙගුණයකින් වැඩි කරන බව තමයි ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කරන්නේ.  කෙසේ නමුත් අල්ලස් වෙනුවට භාවිතා කරන්න අලුත් නමක් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට හඳුන්වා දී තිබෙනවා.  ඒ නම තමයි ප්‍රතිපාදන.  ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නොත් ප්‍රතිපාදන ලබාදෙන බව තමයි ජාතික ජන බලවේගය ප්‍රකාශ කරන්නේ.  ඒ නිසා මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන්නයි කියලා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් අපි ඉල්ලා සිටිනවා.  කෙසේ නමුත් පළාත් පාලන ආයතන 178 බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට හැකියාවක් නැහැ.  එම පළාත් පාලන ආයතනවල බලය තිබෙන්නේ විපක්ෂයේ පක්ෂ වලට සහ ස්වාධීන කණ්ඩායම් වලට. එම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සමගි ජන බලවේගය කටයුතු කරනවා. 
 
ඒවගේම සභාපතිවරයා සහ නගරාධිපතිවරයා තෝරා ගැනීමේදී ඡන්දය භාවිතා නොකරන ලෙස ස්වාධීන කණ්ඩායම් වලට සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂවලට  ජාතික ජන බලවේගය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වෙනවා.  ඒ වගේම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු පළාත් පාලන ආයතන වලට පත්වුන සභිකයින් සමග සාකච්ඡා පවත්වමින් සිටිනවා.  ස්වාධීන කණ්ඩායම් සමගි ජන බලවේගය සමඟ එකතු වුවහොත් සමඟ ජන බලවේගයට එම පළාත් පාලන ආයතනයේ බලය පිහිටුවීමට හැකියාව ලැබෙනවා.  ඒ නිසා ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස ආණ්ඩුව පළාත් පාලන ආයතන ආයතනවල සභිකයින්ට ප්‍රකාශ කර තිබෙනවා.  ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පළාත් පාලන අතිවරණයෙන් ජයග්‍රහණය කළ නියෝජිතයන්ට අපි ප්‍රකාශ කරනවා. 
 
ඒ වගේම රටේ ලුණු හිඟය පිළිබඳව පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළදීත් සාකච්ඡාවට ලක් කෙරුණා.  රටේ ඇතිවන ලුණු හිඟය පිළිබඳව ආණ්ඩුව මාස ගණනකට පෙර දැනගෙන සිටියා. වර්ෂාව නිසා ලුණු නිෂ්පාදනය කිරීමට අපහසු බව ආණ්ඩුව ප්‍රකාශ කළත් එම ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක්.  ආණ්ඩුවේ නොහැකියාව ස්වභාව ධර්මයට භාරදීලා ලුණු ප්‍රශ්නයෙන් මිදෙන්න තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ.  ලුණු හිඟයට විසඳුමක් ලබාදීමට ආණ්ඩුවට කිසිදු සැලසුමක් තිබුනේ නැහැ.  ඒ වගේම STC හරහා ලුණු ගෙනැවිත් පෞද්ගලික ආයතනවලට ලබා දී තිබෙනවා.  ඔවුන් වෙළඳපොළට ලුණු නිකුත් කිරීමට කටයුතු කළා.  ඒ අනුව ලුණු කිලෝ එකක මිල  රුපියල් 350 ත් 400 ත් අතර වුණා. නමුත් මාස කිහිපයකට පෙර ලුණු කිලෝ එකක් අලෙවි වුනේ රුපියල් 130  ට. එසේ නමුත් රටේ ඇතිවුන ලුණු හිඟය හේතුවෙන් ලුණු ආනයනය කිරීමට රජය කටයුතු කළා.  ආනයනය කළ ලුණුවලින් ප්‍රමාණයක් හම්බන්තොට ලුණු සමාගමටත් අනෙකුත් කොටස පෞද්ගලික ලුණු ව්‍යාපාරිකයන්ට ලබාදීමට රජයේ කටයුතුකළා.  ඒ අනුව ඔවුන් ලුණු කිලෝව රුපියල් 350 අලෙවි කිරීමට කටයුතු කළා.  
 
ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමේදී මෙට්‍රික් ටෝන් එකක් ඇමෙරිකානු ඩොලර් 80 ට තමයි ආනයනය කළේ.  ඒ අනුව කිලෝ එකක් රුපියල් 24 වගේ මුදලක් තමයි වෙන්නේ.  ඒ වගේම ලුණු කිලෝ එකකට රුපියල් 40 ක තීරු බද්දක් අය කරනවා.  ඒ අනුව ලුණු කිලෝ එකක මිල රුපියල් 64 ක් වෙනවා.  ඉන් පසුව අනෙකුත් වියදම් වලට රුපියල් 100 ක් වැය වුණත් උණු කිලෝවක වෙළඳපොළ වටිනාකම රුපියල් 350 ක්. ආණ්ඩුව මේ සිදු කරන වංචාව පසුගිය ආණ්ඩුව සිදුකළ සුදුලූණු වංචාව හා සමානයි. 
 
ඒ වගේම මේ වන විට වෙළඳපොළ තුළ කිලෝ එකේ ලුණු පැකට් නැහැ. ග්‍රෑම් 400 ලුණු පැකට් වෙළඳපොලේ විකිණීමට තිබෙනවා.  එම ලුණු පැකට්ටුවක මිල රුපියල් 170 ක්. මේ සම්බන්ධයෙන් රටේ ජනතාවට වැටහීමක් නැහැ.  රටේ ජනතාව බලන්නේ මිල ප්‍රමාණය දෙසයි.  මිනිස්සු හිතන්නේ රුපියල් 170 ට ලබා දෙන්නේ කිලෝ එකක ලුණු පැකට්ටුවක් බවයි.  නමුත් රුපියල් එකසිය හැත්තෑවට  මේ වන විට වෙළඳපොලේ ලබා දෙන්නේ කිලෝ එකේ ලුණු පැකට් නෙවෙයි ග්‍රැම් 400 ලුණු පැකට්ටුවයි.  ඒ අනුව කිලෝ එකක ලුණු පැකට්ටුවක් රුපියල් 350 ක් වෙනවා. මේක තමයි ආණ්ඩුවේ අලුත්ම ක්‍රමයේ වෙනස. අපේ රටේ මිනිස්සු වෙළඳපොළට ගියාට පසු බලන්නේ අතේ ඇති මුදලට අහන්ඩ මිලදී ගැනීමටයි.  කෙසේ නමුත් මේ හරහා පෙනී යන්නේ ආණ්ඩුවේ තක්කඩි ක්‍රියා කලාපය පිළිබඳවයි.  ඒ වගේම ලුණු ආනයනය කරනවා නම් පැවති මිලට වඩා අඩු මිලට ජනතාවට ලුණු ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වගේම පසුගිය ආණ්ඩු කාලයේදී ලංකාවේ බිත්තරය රුපියල් 80 ට අලෙවීවෙද්දී ආණ්ඩුව බිත්තර ආනයනය කර රුපියල් තිස්පහට බිත්තරය ලබාදීමට කටයුතුළා.  කෙසේ නමුත් ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ අවංක  භාවයක් නොමැති බව මෙම කටයුතු වලින් පෙනී යනවා. මේ හරහා පෞද්ගලික ආයතන රැසකට විශාල මුදලක් උපයා ගැනීමට ආණ්ඩුව අවශ්‍ය ක්‍රමවේදය සකසා දීමට කටයුතු කර තිබෙනවා.  
 
ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල වැඩ් බදු ඉවත් කරන බවත් ආණ්ඩුව ප්‍රකාශ කළා.  ඒ බව ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් සඳහන් වෙනවා.  නමුත් රුපියල් විසිහතරක් වන ලුණු කිලෝවකට රුපියල් හතළිහක තීරු බද්දක් අය කිරීමට වර්තමාන රජය කටයුතු කරතිබෙනවා. ආණ්ඩුව වංචනික ලෙස ජනතාවගේ මුදල් හූරා කන තත්ත්වයක් දකින්න ලැබෙනවා.
 
පළාත් පාල මැතිවරණ සම්බන්ධයෙන් මේ වනවිට විශාල උනන්දුවක් හැමකෙනා තුළම මේ වන විට ඇති වී තිබෙනවා.  මැතිවරණ කොමිසමේ ප්‍රකාශන අනුව ඡන්දය පවත්වපු පළාත් පාලන ආයතන ප්‍රමාණය 339 ක්. මැතිවරණය පවත්වපු පළාත් පාලන ආයතන 339 න් පළාත් පාලන ආයතන 178 ක බලය පිහිටුවීමට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තේරීමට එම පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීමක් සිදුකිරීමට සිදුවනවා. 
 
ඒ වගේම ජනාධිපති අනුර දිසානායක මහතා පසුගිය කාලයේදී ප්‍රකාශ කළ කතාව නැවත ප්‍රකාශ කළා.  ඔහු ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයට නැවත ජනතාව බලය ලබාදී ඇති බවයි.  ඒ බව අපි පිළිගන්නවා.  ජනතාව ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිවරයෙක් වත් කරගෙන තිබෙනවා.  ඒ වගේම ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාදීමට ජනතාව කටයුතු කර තිබෙනවා.  ඒවගේම පළාත් පාලන නීතිරීති අනුව ජාතික ජන බලවේගයට බලය පිහිටුවන්න ඉඩකඩ තිබෙනවා.  ඒ වගේම ඇතැම් පළාත් පාලන ආයතන සඳහා ජාතික ජන බලවේගයට ජනතාව බහුතර ජනමතයක් ලබාදී නැහැ.  
 
ඒ වගේම ජාතික ජන බලවේගයට පළාත් පාලන නීතිය අනුව ජනතාව බහුතර බලයක් ලබා දීතිබෙනවා.  ඇතැම් පළාත් පාලන ආයතන සඳහා ජාතික ජන බලවේගයට ජනතාව බහුතර බලයක් ලබාදී නැහැ.  ඒ අනුව ඔවුන්ට එම පළාත් පාලන ආයතනවල සම්පූර්ණයෙන්ම බලයය පිහිටුවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. 
 
ඒ අනුව පළාත් පාලන ආයතන 178 බලය පිහිටුවීම සඳහා එසේත් නැතිනම් නගරාධිපති සභාපතිවරු තේරීමට ඡන්දයක් පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරනවා.  කෙසේ නමුත් ජනාධිපතිවරයා මෙය වටහා නොගෙන ඔහු ප්‍රකාශ කරනවා ජනතාව ඔවුන්ට බලය ලබා දී තිබෙනවා කියලා. නමුත් ජාතික ජන බලවේගයට බලය පිහිටුවීමට හැකි සහ නොහැකි පළාත් පාලන ආයතන තිබෙනවා.  ඒ අනුව ජනතාව ජාතික ජන බලවේගයට සම්පූර්ණයෙන්ම බලය ලබාදී නැති බව පෙනෙන්නට තිබෙනවා. 
 
ඒවගේම ජනාධිපතිවරයා පළාත් පාලන ආඥා පනතේ තිබෙන නීති රීති නැවත නැවත උල්ලංඝනය කරමින් එම නීති රීතිවලටට පටහැනිව පළාත් පාලන ආයතන සියල්ල ඔවුන්ගේ යටතට ගැනීමට , ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා.  ඒ වගේම ඔහුගේ ඇතැම් ප්‍රකාශන පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥා පනතටත් පටහැනි.  
ඒවගේම අනුර දිසානායක මහතා විපක්ෂයේ සිටින කාලයේදී කතා කළේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ පරමාධිපත්‍යය පිළිබඳවයි. නමුත් ඔහු ජනාධිපති වූ පසු ඒවා සියල්ල උල්ලංඝනය කරමින් කටයුතු කරන බව පෙනෙන්නට තිබෙනවා.  ඒ සම්බන්ධයෙන් අපි කණගාටුවට පත්වෙනවා. 
 
ඒ වගේම ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා සුන්බුන් එකතු කර ඔවුන් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්නේ නෑ කියලා.  ඒ වගේම ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 178 ක බලය පිහිටුවීමට අනෙකුත් පක්ෂවල සහාය අවශ්‍ය වෙනවා.  ඒ සඳහා යම් යම් පක්ෂවල සහ පුද්ගලයින්ගේ උදව් ලබා ගැනීමට මේ වන විට සාකච්ඡා පවත්වමින් තිබෙනවා.  කෙසේ නමුත් ඒ ක්‍රියාවලියක් අනුමත කිරීමට නොහැකියි.  මොකද ජනාධිපතිවරයා විපක්ෂය අනෙකුත් පක්ෂ හඳුන්වන්නේ සුන්බුන් ලෙසයි.  කෙසේ නමුත් බලය ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා සුන්බුන් පසුපස යන ආකාරයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.  ඒ නිසා ජාතික ජන බලවේගයට බලය පිහිටුවීම සඳහා සුන්බුන් සමග කටයුතු කරන බව තමයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ යුතුව තිබෙන්නේ.  ඒ වගේම ජනාධිපතිවරයා හොරුන් ලෙස අර්ථ දැක්වූ ස්වාධීන කණ්ඩායම් දැන් ඒ ලේබලයෙන් ගැලවීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.  ඒ වගේම ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ පක්ෂවලටත් මේ වන විට කතා කරමින් සිටිනවා.  කෙසේ නමුත් බලය පිහිටුවීම සඳහා ඕනෑම දෙයක් සිදු කිරීමට ජාතික ජන බලවේගය සූදානම් බව තමයි මේ හරහා ඔවුන් රටට පෙන්වමින් සිටින්නේ. 
 
ඒ වගේම ඔවුන් පිරිසිදු බවත් ස්වාධීන කණ්ඩායම් සහපක්ෂ වල සිටින්නේ කොරුන් සහ දූෂිතයන් බව මැතිවරණ වේදිකාවලදී ජාතික ජන බලවේගයේ පිරිස් ප්‍රකාශකළා.  නමුත් බලය පිහිටුවීමට යාමේදී ස්වාධීන කණ්ඩායම්වල සහ පක්ෂවල සිටිනන පුද්ගලයන් පිරිසිදු පුද්ගලයන් වී තිබෙනවා.  ඔවුන් හොරුන් ලෙස අර්ථ දැක්වූ පිරිස අතරේ හොඳ පිරිසකුත් සිටින බව ජාතික ජන බලවේගයට අද පිළිගැනීමට සිදුවී තිබෙනවා. ඒක හොඳ තත්ත්වයක්.  ඒවගේම ආණ්ඩුවට අනියම් ලෙස පිළිගැනීමට සිදුවී තිබෙනවා ඔවුන් පමණක් නොවෙයි තවත් පිරිසිදු කණ්ඩායම් සිටින බව.
 
ඒවගේම  පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසු  ස්වාධීන කණ්ඩායම් සමඟ සාකච්ඡා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ‍ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව ජාතික ජන බලවේගයෙන් සභාපතිවරයෙක් හෝ නගරාධිපතිවරයෙක් පත්කිරීමට ඔවුන් සහාය දක්වනවා නම් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා ප්‍රකාශ කර තිබුණා.  ඒ අනුව අල්ලස් වෙනුවට අලුත් නමක් සමාජගත වෙලා තිබෙනවා.  ඒ නම තමයි ප්‍රතිපාදන.  ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දුන්නොත් ප්‍රතිපාදන ලබාදෙන බව තමයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා සඳහන් කරන්නේ.  කෙසේ නමුත් වක්‍රාකාරයෙන් ඔහු සඳහන් කරන්නේ අල්ලස් දෙන බවයි. ප්‍රතිපාදන නමින් ඔවුන් මේ ලබා දෙන්නෙත් අල්ලස්.  ඒවා ලබාදෙන්නේ ඔවුන්ට බලය අහිමි පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීමටයි. ඒ වගේම ජාතික ජන බලවේගයෙන් පත්වන සභාපතිවරයා හෝ නගරාධිපතිවරයාට සහාය දැක්වුවහොත් ප්‍රතිපාදන දෙගුණයකින් වැඩි කරන බව තමයි ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කරන්නේ.  කෙසේ නමුත් අල්ලස් වෙනුවට භාවිතා කරන්න අලුත් නමක් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට හඳුන්වා දී තිබෙනවා.  ඒ නම තමයි ප්‍රතිපාදන.  ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නොත් ප්‍රතිපාදන ලබාදෙන බව තමයි ජාතික ජන බලවේගය ප්‍රකාශ කරන්නේ.  ඒ නිසා මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන්නයි කියලා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් අපි ඉල්ලා සිටිනවා.  කෙසේ නමුත් පළාත් පාලන ආයතන 178 බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට හැකියාවක් නැහැ.  එම පළාත් පාලන ආයතනවල බලය තිබෙන්නේ විපක්ෂයේ පක්ෂ වලට සහ ස්වාධීන කණ්ඩායම් වලට. එම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සමගි ජන බලවේගය කටයුතු කරනවා. 
 
ඒවගේම සභාපතිවරයා සහ නගරාධිපතිවරයා තෝරා ගැනීමේදී ඡන්දය භාවිතා නොකරන ලෙස ස්වාධීන කණ්ඩායම් වලට සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂවලට  ජාතික ජන බලවේගය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වෙනවා.  ඒ වගේම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු පළාත් පාලන ආයතන වලට පත්වුන සභිකයින් සමග සාකච්ඡා පවත්වමින් සිටිනවා.  ස්වාධීන කණ්ඩායම් සමගි ජන බලවේගය සමඟ එකතු වුවහොත් සමඟ ජන බලවේගයට එම පළාත් පාලන ආයතනයේ බලය පිහිටුවීමට හැකියාව ලැබෙනවා.  ඒ නිසා ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස ආණ්ඩුව පළාත් පාලන ආයතන ආයතනවල සභිකයින්ට ප්‍රකාශ කර තිබෙනවා.  ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පළාත් පාලන අතිවරණයෙන් ජයග්‍රහණය කළ නියෝජිතයන්ට අපි ප්‍රකාශ කරනවා. 
 
ඒ වගේම රටේ ලුණු හිඟය පිළිබඳව පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළදීත් සාකච්ඡාවට ලක් කෙරුණා.  රටේ ඇතිවන ලුණු හිඟය පිළිබඳව ආණ්ඩුව මාස ගණනකට පෙර දැනගෙන සිටියා. වර්ෂාව නිසා ලුණු නිෂ්පාදනය කිරීමට අපහසු බව ආණ්ඩුව ප්‍රකාශ කළත් එම ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක්.  ආණ්ඩුවේ නොහැකියාව ස්වභාව ධර්මයට භාරදීලා ලුණු ප්‍රශ්නයෙන් මිදෙන්න තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ.  ලුණු හිඟයට විසඳුමක් ලබාදීමට ආණ්ඩුවට කිසිදු සැලසුමක් තිබුනේ නැහැ.  ඒ වගේම STC හරහා ලුණු ගෙනැවිත් පෞද්ගලික ආයතනවලට ලබා දී තිබෙනවා.  ඔවුන් වෙළඳපොළට ලුණු නිකුත් කිරීමට කටයුතු කළා.  ඒ අනුව ලුණු කිලෝ එකක මිල  රුපියල් 350 ත් 400 ත් අතර වුණා. නමුත් මාස කිහිපයකට පෙර ලුණු කිලෝ එකක් අලෙවි වුනේ රුපියල් 130  ට. එසේ නමුත් රටේ ඇතිවුන ලුණු හිඟය හේතුවෙන් ලුණු ආනයනය කිරීමට රජය කටයුතු කළා.  ආනයනය කළ ලුණුවලින් ප්‍රමාණයක් හම්බන්තොට ලුණු සමාගමටත් අනෙකුත් කොටස පෞද්ගලික ලුණු ව්‍යාපාරිකයන්ට ලබාදීමට රජයේ කටයුතුකළා.  ඒ අනුව ඔවුන් ලුණු කිලෝව රුපියල් 350 අලෙවි කිරීමට කටයුතු කළා.  
 
ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමේදී මෙට්‍රික් ටෝන් එකක් ඇමෙරිකානු ඩොලර් 80 ට තමයි ආනයනය කළේ.  ඒ අනුව කිලෝ එකක් රුපියල් 24 වගේ මුදලක් තමයි වෙන්නේ.  ඒ වගේම ලුණු කිලෝ එකකට රුපියල් 40 ක තීරු බද්දක් අය කරනවා.  ඒ අනුව ලුණු කිලෝ එකක මිල රුපියල් 64 ක් වෙනවා.  ඉන් පසුව අනෙකුත් වියදම් වලට රුපියල් 100 ක් වැය වුණත් උණු කිලෝවක වෙළඳපොළ වටිනාකම රුපියල් 350 ක්. ආණ්ඩුව මේ සිදු කරන වංචාව පසුගිය ආණ්ඩුව සිදුකළ සුදුලූණු වංචාව හා සමානයි. 
 
ඒ වගේම මේ වන විට වෙළඳපොළ තුළ කිලෝ එකේ ලුණු පැකට් නැහැ. ග්‍රෑම් 400 ලුණු පැකට් වෙළඳපොලේ විකිණීමට තිබෙනවා.  එම ලුණු පැකට්ටුවක මිල රුපියල් 170 ක්. මේ සම්බන්ධයෙන් රටේ ජනතාවට වැටහීමක් නැහැ.  රටේ ජනතාව බලන්නේ මිල ප්‍රමාණය දෙසයි.  මිනිස්සු හිතන්නේ රුපියල් 170 ට ලබා දෙන්නේ කිලෝ එකක ලුණු පැකට්ටුවක් බවයි.  නමුත් රුපියල් එකසිය හැත්තෑවට  මේ වන විට වෙළඳපොලේ ලබා දෙන්නේ කිලෝ එකේ ලුණු පැකට් නෙවෙයි ග්‍රැම් 400 ලුණු පැකට්ටුවයි.  ඒ අනුව කිලෝ එකක ලුණු පැකට්ටුවක් රුපියල් 350 ක් වෙනවා. මේක තමයි ආණ්ඩුවේ අලුත්ම ක්‍රමයේ වෙනස. අපේ රටේ මිනිස්සු වෙළඳපොළට ගියාට පසු බලන්නේ අතේ ඇති මුදලට අහන්ඩ මිලදී ගැනීමටයි.  කෙසේ නමුත් මේ හරහා පෙනී යන්නේ ආණ්ඩුවේ තක්කඩි ක්‍රියා කලාපය පිළිබඳවයි.  ඒ වගේම ලුණු ආනයනය කරනවා නම් පැවති මිලට වඩා අඩු මිලට ජනතාවට ලුණු ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඒ වගේම පසුගිය ආණ්ඩු කාලයේදී ලංකාවේ බිත්තරය රුපියල් 80 ට අලෙවීවෙද්දී ආණ්ඩුව බිත්තර ආනයනය කර රුපියල් තිස්පහට බිත්තරය ලබාදීමට කටයුතුළා.  කෙසේ නමුත් ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ අවංක  භාවයක් නොමැති බව මෙම කටයුතු වලින් පෙනී යනවා. මේ හරහා පෞද්ගලික ආයතන රැසකට විශාල මුදලක් උපයා ගැනීමට ආණ්ඩුව අවශ්‍ය ක්‍රමවේදය සකසා දීමට කටයුතු කර තිබෙනවා.  
 
ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල වැඩ් බදු ඉවත් කරන බවත් ආණ්ඩුව ප්‍රකාශ කළා.  ඒ බව ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් සඳහන් වෙනවා.  නමුත් රුපියල් විසිහතරක් වන ලුණු කිලෝවකට රුපියල් හතළිහක තීරු බද්දක් අය කිරීමට වර්තමාන රජය කටයුතු කරතිබෙනවා. ආණ්ඩුව වංචනික ලෙස ජනතාවගේ මුදල් හූරා කන තත්ත්වයක් දකින්න ලැබෙනවා.‘‘

Search