දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ජුනි 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. 

 
ඒ හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි. 
 
 
තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් හිටපු අමාත්‍යවරයා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. 
 
 
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සිය නිවසට ටී56 ගිනි අවියක් රැගෙන යන දුටු එම නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියකු මේ බව පොලිසියට දන්වා තිබුණා. 
 
පසුව පොලිසිය පැමිණ අදාළ නිවස පරීක්ෂා කළ අතර නිවස පරීක්ෂා කිරීමෙන් පසු, ගමන් මල්ලක බහා තිබූ ටී 56 වර්ගයේ ගිනි අවිය පොලිසිය විසින් සිය භාරයට රැගෙන යනු ලැබුවා.

Search