අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අද (29) දහවල් අපවත් වී තිබේ.
මෙරට තරුණ ප්‍රජාව ආගම දහමට නැඹුරු කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානයේ නිර්මාතෘ හිමියන් ද වෙයි.
දිගු කලක් උන්වහන්සේ රෝගාතුරව සිටි අතර මෙරට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා භික්ෂුවක් ලෙස දැවැන්ත ශාසනික මෙහෙවරක් සිදු කළ භික්ෂුවක් ලෙස අමිතානන්ද හිමියන් ගරු බුහුමනට පාත්‍ර වුණා.
2017 වර්ෂයේ පමණ උන්වහන්සේ ගිලන් වූ අතර එතැන් සිට උන්වහන්සේට මොළයේ සැත්කම් කිහිපයක් ද සිදු කිරීමට වෛද්‍යවරුන්ට සිදු වුණා.
එවන් තත්ත්වයක් යටතේ දැඩි ලෙස ගිලන් ව රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටියදියි උන්වහන්සේ මෙලෙස අද දින අපවත් ව ඇත්තේ