ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවා ආණ්ඩුව පෞද්ගලික ජනමාධ්‍ය මර්දනය කිරීමට උත්සහ කරමින් සිටින බවට පාර්ශ්ව රැසක් චෝදනා කරනවා.
කෙසේ වෙතත් විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ පුද්ගල ගරුත්වය සහ නිදහස සම්බන්ධයෙන් පෞද්ගලික ජන මාධ්‍යවල හැසීරීම බලපාන බවයි.
ශ්‍රී ලංකාවේ ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට මාධ්‍ය සංවිධාන තුළින් අදහස් ලබා ගැනීම සඳහා සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.
මාධ්‍ය කෙටුම්පත සම්පාදනය කිරීමට ඇතුළත් යෝජනාවක්ද එහිදී සාකච්ඡා කර තිබෙනවා