කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක් හරහා ඊයේ රාත්‍රියේ පැවති වර්ෂාවත් සමග හමා ගිය දැඩි සුළගෙන් ගස් කඩා වැටීම් සහ දේපල හානි රැසක් වාර්තා වී තිබෙනවා.
ඇතැම් ප්‍රදේශවලට තවමත් විදුලිය සැපයුම ලැබී නොමැති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
වදුරව සහ කීනවල දුම්රිය ස්ථාන අතර මාර්ගයට ගසක් කඩා වැටීමෙන් ඊයේ රාත්‍රියේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.
එසේම, පුත්තලම, කැළණිවැලි, හලාවත යන දුම්රිය මාර්ගවලට ද ගස්වල අතු කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වූ අතර මේ වන විට එම අවහිරතා මේ වන විට ඉවත් කර තිබෙනවා.
එමෙන්ම, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ගස් කඩා වැටීම හේතුවෙන් නිවාස 08 කට හානි සිදුව තිබෙනවා.
එසේම, වර්ෂාවත් සමග දෙමටගොඩ - සිරිධර්ම මාවතේ ඇඟලුම් කර්මාන්තශාලාවක තාප්පයක් කඩා වැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු තුන්දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
කෙසේවෙතත් කාන්තාවක් හැර ඉතිරි දෙදෙනා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.
මේ අතර, අද දිනයේත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලයට මිලිමීටර් 100 ට වඩා වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා