මැයි 30 වන දින රාත්‍රියේ ඇහැලියගොඩ පොලිස් වසමේ නඩුරාන හන්දියේ දුම්රිය හරස් මාර්ගය අසල සිදු වූ පිහි ඇනුමකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.
තියුණු ආයුධයකින් පහර දුන් තිදෙනාම මුලින් ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
ඔවුන්ගෙන් එක් අයෙකු වන ඉද්දමල්ගොඩ ගැටහත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබේ.
අනෙක් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර යවා ඇති බවයි පැවසෙන්නේ.