ජූනි 2 වන දා පුංචි ආණ්ඩුව බිහි කිරීමේ අර්බුදයක: පළාත් ආයතන 178ක අතිරේක ලැයිස්තුවේ නම් එවීම ප්‍රමාද වීමෙන් ගැටලු රැසක්...

ජූනි 2 වන දා පුංචි ආණ්ඩුව බිහි කිරීමේ අර්බුදයක: පළාත් ආයතන 178ක අතිරේක ලැයිස්තුවේ නම් එවීම ප්‍රමාද වීමෙන් ගැටලු රැසක්...

පළාත් පාලන ඡන්දය පැවති ආයතන 339න් 178ක අතිරේක ලැයිස්තුවෙන් තෝරා පත්කරන සභිකයන්ගේ නම්, දේශපාලන පක්ෂ කණ්ඩායම් කොමිෂන් සභාව වෙත එවීම ප්‍රමාද කිරීම හේතුවෙන් එම සභා යෝජිත ජූනි 02 වන දා සංස්ථාපනය කිරීමේ ගැටලුවක් මතුව ඇත.

 
ඒ අනුව අදාළ පළාත් පාලන ආයතන 178 සභා සංස්ථාපනය කිරීමේ දිනය සම්බන්ධ තීරණය, පළාත් පාලන අමාත්‍යවරයා විසින් ගනු ලබනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
 
පළාත් පාලන ආයතන ඡන්දයේ පක්ෂ සහ කණ්ඩායම් තෝරා එවිය යුතු සියලු ම සභිකයන්ගේ නම් මැයි 30 වන දා මධ්‍යම රාත්‍රී 12:00 පෙර තේරීම් භාර නිලධාර වෙත එවිය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව කළ දැනුම් දීමට අනුව පළාත් පාලන ආයතන 161 නම් ලැයිස්තු සම්පූණ බවත් යොදාගත් පරිදි 2 වන දා එම සභා පිහිටුවීමේ ගැටලුවක් ඇති ඇති නොවන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ‘මව්බිමට’ පැවසීය.
 
දේශපාලන පක්ෂ කණ්ඩායම් සිය නම් එම ප්‍රමාද කළ පළාත් පාලන ආයතන 178ක් ඇති බවත් එම සභා සංස්ථාපනය කිරීමේ දිනය සම්බන්ධව තීරණය පළාත් පාලන අමාතයවරයා විසින් ගනු ලබනු ඇති බවත් හෙතෙම කීවේය.
 
පළාත් පාලන ආයතනවල ධූර කාලය ආරම්භ කීමට පෙර තේරී පත් වූ සහ තෝරා ඒවා ඇති සභිකයන් ගැසට් පත්‍රයේ පළ කළ යුතු නිසා එම නම් කඩිනමින් එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර අවස්ථා කීපයකදී දැනුම් දුන්නේ ය.
 
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ (262 අධිකාරය) 76 අ වගන්තිය යටතේ එම නියමය නොමිෂන් සභාව දැනුම් දී තිබිණි.
 
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාගේ අංක 2424/20 හා 2025.02.17 දින සිට පළාත් පාලන ආයතනවල ධූර කාලය ආරම්භ විය යුතු බව නියම කර තිබිණි.
 
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන්ව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු පක්ෂය/ කණ්ඩායම් එකී පක්ෂයට හෝ කණ්ඩායමට අදාළ කාන්තා සභිකයන් ඇතුළුව තොරතුරු එවිය යුතු සභිකයන් මැතිවරණ තොමිෂන් සභාව වෙත එම ඡන්ද විමසීම අවසන් වූ විගස දැනුම් දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවස්ථා කිහිපයකදී ම දැනුම් දී තිබේ.
 
මෙම නියමය මැතිවරණ කොමිෂන් සභාව අංක 2438/13 දරන මැයි 27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ ද පළකර ඇති බව මැතිවරණ පොත් සභාව වැඩිදුරට ත් සඳහන් කරයි.
 
මේ සම්බන්ධයෙන් ‘ඉරිදා මව්බිම’ කළ විමසීමේදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අභයරත්න දුන් පිළිතුරු මෙසේ ය.
 
“දැන් අපි කලින් ගහපු ගැසට් එකට අනුව වැඩ කටයුතු සිද්ධ වෙනවද කියලා බලලා ඊට පස්සේ තමයි තීරණය කරන්නේ, ඊයේ (මැයි 30) මධ‍්‍යම රාත්‍රී 12:00 වෙන කම් හා අපි යම් ක්‍රියාමාර්ගයකට යන්න ඕනේ ද කියලා සිතා බලන්නත් වෙනවා.
 
ඒ කියන්නේ අලුතෙන් ගැසට් එකක් නිකුත් කරන්න වෙයි ද?
“අපි බලමු පක්ෂ ලැයිස්තු දෙන දිහා බලලා තමයි ඉස්සරහට යන්න වෙන්නේ. අපි දැනට හිතනවා හැම පක්ෂයකින් ම තම නියෝජිතයක් නම් කරලා එවයි කියලා. බැරි වුණොත් හමයි ඒ තත්ත්වය තුළ අලුත් දෙයක් ගැන හිතන්න වෙන්නේ.”
 
අලුත් ගැසට් එකත් ගහන්න දැනට සාකච්ඡාවක් තියෙනවා ද?
“තත්ත්වයට අනුව අදාළ ක්‍රියාමාර්ගයකට යනවා. තව ම නිශ්චිත ක්‍රියාමාර්ගයක් නැහැ. අපි ඉන්නේ මැතිවරණ කොමිසමට අනුව පක්ෂ කණ්ඩායම් කටයුතු කරයි කියලා සිතාගෙනයි. එහෙම් නොකළොත් නිරාණාත්මක සාකච්ඡාවකින් පස්සේ මොකද කරන්නේ කියලා බලන්නේ.”

 

--මව්බිම--

Search