ලේක්හවුසිය සතු හෝකන්දර ඉඩම විකුණන කුමන්ත්‍රණයක්

ආණ්ඩුව ලේක්හවුස් හෝකන්දර ඉඩමටත් කෙලී... ්

ජාතික සම්පත් සුරකින බවට පුරසාරම් දෙඩූ මාලිමා ආණ්ඩුව ජාතියේ පත්තර මහ ගෙදර වන ලේක්හවුස් ආයතනය සතු හෝකන්දර සරෝජිනී වත්තේ පිහිටි අක්කර අටක ඉඩම විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

 
රණපාල බෝධිනාගොඩ මහතා ලේක්හවුස් සභාපතිත්වය දැරූ සමයේ මිලට ගත් එම ඉඩමේ වත්මන් තක්සේරු වටිනාකම කෝටි 200කට අධිකය.
හෝකන්දර ඉඩම විකුණා දමා එයින් රුපියල් කෝටි දහයක් වැයකර මේ මොහොතේ කිසිසේත්ම අවශ්‍ය නොවන CTP පෙර මුද්‍රණ යන්ත්‍රයක් මිලට ගැනීමට වත්මන් පාලනාධිකාරිය සැලසුම් කර තිබෙන බවද තවදුරටත් වාර්තා වේ.
 
වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයට පත්ව සිටින ලේක් හවුසියේ හිටපු සේවකයකුගේ වුවමනාව මත මෙම සැලසුම ක්‍රියාත්මක වීම පසුපස වෙනත් ප්‍රතිලාභ සහිත පටු අරමුණක් ක්‍රියාත්මකදැයි යන්න පිළිබදවද සේවකයෝ සැක පල කරති.
 
මේ අතර වත්මන් පාලනාධිකාරිය යටතේ 'එදාවේල ටුවර්ස්' ගමනක නියැලෙමින් සේවක අයිතිවාසිකම් දිගින් දිගටම කප්පාදු කරමින් ආයතනය සතු සම්පත් විකුණා දැමීමට කටයුතු කිරීමට එරෙහිව දැඩි පියවර ගැනීමට ලේක් හවුසිය  සුරැකීමේ සoවිධානය කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
NW07 1