ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2, 983 ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය පෙබරවාරි මස 22වනදා සිට මැයි මාසයේ 30 දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වල දී ඔවුන් අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළා.
මෙලෙස අත්අඩංගුවට ගත් සෙබළුන් අතර යුද හමුදාවේ 2,261ක්, නාවික හමුදාවේ 194ක්, ගුවන් හමුදාවේ 198ක් වනවා.
මීට අමතරව ශ්‍රී ලංකා පොලීසිය විසින් ද පලාගිය සෙබළුන් හා නිලධාරීන් 330 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය 3000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට
