බාල බෙහෙත් ගෙන්වීමට අධි චෝදනා: කෙහෙළියත් ලබන සතියේ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට

බාල බෙහෙත් ගෙන්වීමට අධි චෝදනා: කෙහෙළියත් ලබන සතියේ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ සමාගම් දෙකක් හරහා ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලෝබියුලින් සහ රිටොක්සිමැප් ඖෂධ මිල දී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන සතියේදී අධි චෝදනා ගොනු කරන බව නීතිපතිවරයා ඊයේ (ජූනි 3) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් මේ බව අධිකරණයට දැනුම් දුන්නේ හිටපු අමාත්‍ය රඹුක්වැල්ලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳ වූ අවස්ථාවේදීය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙතකින් ඖෂධ මිල දී ගැනීමට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී ලයනල් ගුරුගේ විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

මෙම පෙත්සම් යසන්ත කෝදාගොඩ, ජනත් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සැඳ වූ අතර එහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට මුල් වූ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශන සියල්ල අවසන් කර වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි ද පැවසීය.

Search