හොරට ජනපති සමාව ගත් සිරකරු අතුරුදහන් !! පසුගිය වසරේ ජනාධිපති සමාව නුසුදුසු 26කටත් දීල

හොරට ජනපති සමාව ගත් සිරකරු අතුරුදහන් !! පසුගිය වසරේ ජනාධිපති සමාව නුසුදුසු 26කටත් දීල

ජනාධිපති පොදු සමාව අව භාවිතා කරමින් නිදහස් වූ බවට චෝදනා එල්ල වන අනුරාධපුරයේ තිලකරත්න නම් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටී.

නමුත් මේ වනතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැත.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරන්නේ ගෙවුණු වසර සහ පසුගිය නත්තල් දිනයේදී රට පුරා බන්ධනාගාරවල සිටි ජනපති ජනාධිපති සමාවට නුසුදුසු සිරකරුවන් විසි හය දෙනෙකු මුදා හැර ඇති බව විමර්ශනවලදි පෙනී ගොස් ඇති බවය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් සිදුකරමින් ඇත.

Search