දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිවයිනේ දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි සංවිධානය පවසන්නේ, අද (14) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට අදියර 01 මට්ටමේ අනතුරු ඇඟවීම් මෙලෙස නිකුත් කර ඇති බවයි.

Search