මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
පසුගිය දා විදුලි බිල ගාස්තුව 15%කින් ඉහළ දැමීම හා ඊට අදාළ රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සහ රජයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී මේ බව දැනුම් දුන් බව රජයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ ය.
ඊට පෙර ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග කළ සාකච්ඡාවකදී මේ බව අවධාරණය කර තිබිණි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමග පවතින විස්තීරණ ණය පහසුකම යටතේ සිදුකළ තෙවන සමාලෝචනය පසුගිය පෙබරවාරි 28 වන දා සම්පූර්ණ කරනු ලැබිණි.
ඒ අනුව, ලංකාවට ලැබෙන සිව්වන ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 334ක් මුදා හැරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පියවර ගත්තේ ය.
මෙම ණය පහසුකම යටතේ ඩොලර් බිලියන 1.3කට අධික මූල්‍ය සහයක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙනු ලැබිණි.
– මව්බිම