මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම මේ වනවිට (16) ආරම්භ වී තිබෙනවා.
ඒ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්රධානත්වයෙන්.
නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් අනුව සිදුකරන බවට මේ වන විට සභාවේ ඒකමතිකව තීරණය වී තිබෙනවා.
අද උදෑසන ආරම්භවූ මොහොතේ සිටම දැඩි උණුසුම්කාරී තත්ත්වයක් දකින්නට ලැබිණ