ක්‍රමය වෙනස් කරන්න ආපු ආණ්ඩුව සල්ලි වලට අපේ 6 ක් අරං අද දිනුවා - අපි නඩු යනවා - මුජිබර් රහුමන්

ක්‍රමය වෙනස් කරන්න ආපු ආණ්ඩුව සල්ලි වලට අපේ 6 ක් අරං අද දිනුවා - අපි නඩු යනවා - මුජිබර් රහුමන්

සජබ පාර්ලිමේන්තකු මන්ත්‍රී මුජිබර් රහුමන් අද (16) සවස මාධ්‍ය කැමරා ශිල්පී හමුවකදී කොළඹ පුරපති සටනින් සංබ අපේක්ෂක පරාජය වීම ගැන අදහස් දක්වමින් පැවසුවේ


"ඊයේ හවස වෙනක්ම ආණ්ඩුවට තිබුණේ ඡන්ද 55යි.  අපේ ලිස්ට් එකේ අය 6ක් ගත්තේ ඩීල් එකක් ගහලා. ජනතා විමුක්ති පෙරමුණේ කැත දේශපාලනය අද රටටම හෙළි වුනා. පළාත් පාලන කොමසාරිවරිය නීති විරෝධී වැඩක් කළේ. පළාත් පාලන පනතේ කිසිම තැනක රහස් ඡන්දයක් පැවැත්විය යුතුයි කියලා සඳහන් කරලා නෑ. මාර්ගෝපදේශනවලත් එහෙම එකක් නෑ" ලෙසිනි.


පවතින දූෂිත යැයි කී ක්‍රමය වෙනස් කරන බව ජනතාවට පොරොන්දු වී බලයට අත්පත් කරගත් ජනතා විමුක්ති පෙරමුණේ කැත මජර දේශපාලනය අද කොළඹ නගරසභා ඡන්දයේ දී රටට පෙන්වු බව ඔහු කීය.

"නාගරික කොමසාරිස්වරියට බලපෑම් කර රහස් ඡන්දයක් පැවැත්වීම සඳහා සියලුම කටයුතු සූදානම්
කර තිබූ බව ද පළාත් පාලන කොමසාරිස්වරිය ඡන්ද විමසීමට පැමිණියේම රහස් ඡන්දයක් පැවැත්වීමේ
අභිලාෂයෙන් බවද කී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරු 60 දෙනෙකුගේ අත්සන් ලයිස්තුවක් ඒකාබද්ධ විපක්ෂය
සතුව තිබුණු බව කීවේය.

ජාතික ජන බලවේගයට තිබුණේ මන්ත්‍රී ආසන 52ක් බව කී මුජිබර් රහුමාන් ඊයේ දිනයේ ජනාධිපතිවරයා
කැඳවූ අවස්ථාවේ දී ද මන්ත්‍රී ධූර 55ක් පමණක් තිබුණු බව හෙළි කළේය.

විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ
පිරිස් වරප්‍රසාද වරදාන දී බිලී බාගත් ආකාරය දැන් රටටම පැහැදිලි බව කී මුජිබර් වැඩිදුරටත්
පැවසුවේ තම කණ්ඩායම තමන් සමග සිටි ද්‍රෝහීන් හඳුනාගෙන ඇති බවය. හෙට අනිද්දා වෙනවිට මේ
මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද වරදාන හෙළිවන විට ජනතා විමුක්ති පෙරමුණ ගැසූ ඩීල් එක හෙළි
දරවු වනු ඇති බව දී මන්ත්‍රීවරයා කීවේය.

ඒ අය දන්නවා මේක මෙහෙම ගියොත් දිනන්න බැරි නිසා ස්වාධීන කණ්ඩායම් හා යම් යම් අයත් එක්ක
රහසිගත එකඟත්වයට ආවා. ඒක පැහැදිලියි. ඇයි මාලිමාව බව උනේ විවෘත ඡන්දයකට යන්න. විනිවිද
භාවය ගන්න බය නැතිව කොන්ද කෙළින් කරන් යන්න ඕන කියලා. .

"තියන නීති රාමුව එක්ක අපට තීන්දුව ගන්න වුනා. එතුමිය දිගින් දිගටම බලපෑම් කළේ. සාකච්ඡා යන
අතරේ ඡන්ද පෙට්ටි ගෙනාව. එතනදි අපට ගිහින් රණ්ඩු වෙන්න බෑ. එතන කචල් දාන් තීන්දුවක් ගන්න බෑ.
මේක නිකම් අරින්නේ නෑ. දැනටම නීතිඥවරු දන්වලා තියනවා මේ කොමසාරිස්වරිය කළේ නීති විරෝධී වැඩක්
කියලා. පළාත් පාලන පනතේ කොතැනකවත් නෑ රහස් ඡන්දයක් ගැන. එතුමිය පනත පෙන්නුවෙත් නෑ.

මේ මාර්ගෝපදේශය වෙනස් කර තියනවා නම්, අලුත් මාර්ගෝපදේශයක් තියනවා නම් ඒක පෙන්වන්න ඕන.
කඩුගන්නාවට එක මාර්ගෝපදේශයකුත් කොළඹ නගර සභාවට එක මාර්ගෝපදේශයකුත් තියෙන්න බෑ. ඒ දෙදෙකමl එක මාර්ගෝපදේශයක් වෙන්න ඕන." මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කීවේය. 

 

Search