ජනාධිපතිවරයාට ඓන්ද්‍රීය රාජකාරියක් නොමැති බව මේ වන විට විශාල පිරිසකට හෙළිදරව් වී ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවේ දී දීප්ති කුමාර වැඩි දුරටත් පවසා සිටියේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විහිළුකාරයකු වූයේ ඇයි ද යන්න පිළිබඳ අවධාරණය යොමු කළ යුතු බවයි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ දේශපාලනය යනු සම්පූර්ණ ජනප්‍රියවාදය බවයි. එමෙන් ම එය වමට ද දකුණට ද එක සමාන බව ද හෙතෙම පැවසී ය.
එම තත්ත්වය ලංකාවට ආදේශ කරන්නේ නම් එය මහින්ද රාජපක්ෂට මෙන් ම ජනතා විමුක්ති පෙරමුණට ද ඒක හා සමාන යැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.