උතුරු මැද පළාතේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය 2011 වසරේදී පළාත් බද මාර්ග පනස්තුනක් සංවර්ධනය කිරීමේදී රුපියල් කෝටි 117ක අධිතක්සේරුවක් කර ඇතැයි කෝපා කමිටුවේදී අනාවරණය වෙයි.
සමස්ත ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව රුපියල් කෝටි 359කි. සාමාන්‍යයෙන් එකල පැවැති මිල ගණන් අනුව බෝක්කු සකස්කර කානු යොදා කිලෝමීටරයක් සංවර්ධනය කිරීමට වැයවන මුදල රුපියල් කෝටි 1.2ක් පමණ බවද එහෙත් මෙම ව්‍යාපෘතිය ඇස්තමේන්තු කර තිබෙන්නේ කිලෝමීටරයට රුපියල් කෝටි 1.5 සිට කෝටි 4.5ක් වන අධික මිල ගණන් යටතේ බවද පළාත් පත මාර්ග සංවර්ධන අධිකාරී සාමාන්‍යාධිකාරිවරයා පවසයි