ජයවර්ධනපුර ස්නායු වෛද්‍යවරිය මැරිච්ච මිනිස්සුන්ගෙනුත් මුදල් ගසා කාලා

ජයවර්ධනපුර ස්නායු වෛද්‍යවරිය මැරිච්ච මිනිස්සුන්ගෙනුත් මුදල් ගසා කාලා

ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ වාර්ෂික ඇත්තමේන්තුවට ඇතුළත් නොකර ගෙන්වා වංචාවක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න මොළය මියගිය රෝගියෙකු දින පහක් තබාගෙන තම හිතවත් ආයතනයකින් අධි මිලට ශල්‍ය උපකරන ගෙන්වා ශල්‍යකර්ම සිදුකර ඇති බව එම රෝගීන්ගේ මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්ෂ (නීති) සුලෝචනා හෙට්ටිආරච්චි ඊයේ (ජූනි 24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග වෙත දැනුම් දුන්නා ය.

ප්‍රශ්නගත ශල්‍ය උපකරණ මිල දී ගැනීමට අදාළ සිද්ධියට සම්බන්ධ නඩුව ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී සහකාර අධ්‍යක්ෂකවරිය ඒ බව පැවසුවා ය.

සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔවුන් ජූලි මස 8 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහෙස්ත්‍රාත්වරීය නියෝග කළා ය.

ශ්‍රී ජයර්වධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න, එම රෝහලේ ප්‍රධාන ලිපිකරුවකු වන කැකුලන්ද ලියනගේ ඉන්දික හා නිමල් රංජිත් මුතුකුඩ යන දෙදෙනා එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

Search