බස් ගාස්තු ලබන පළවෙනි දා සිට සංශෝධනය කිරීමට නියමිතය.
මීට අදාළ විශේෂ සාකච්ඡාවක් අද අමාත්‍ය බිමල් රත්නායක සමග සිදු කරන බව බස් සංගම් නියෝජිතයින් පවසයි.
ඒ අනුව ලබන ජුලි පළවෙනි දා සිට බස් ගාස්තු ඉහළ දැමීමට නියමිතයි සාමාන්‍යයෙන් වාර්ෂිකව ජූලි පළ වැනි දා බස් ගාස්තු සංශෝධනයක් සිදුකෙරෙන අතර මගීන්ට අසාධාරණයක් නොවන අයුරින් ගාස්තු සංශෝධනය කිරීම සඳහා කටයුතු කරන බව බස් සංගම් නියෝජිතයින් පවසති