දේශපාලනඥයන්ට හොරකමට උදව් කළ රාජ්‍ය නිලධාරීන් 18ක් අත්අඩංගුවට !! රට පැනපු පහක් ගෙන්වා ගන්නත් සාකච්ඡා

දේශපාලනඥයන්ට හොරකමට උදව් කළ රාජ්‍ය නිලධාරීන් 18ක් අත්අඩංගුවට !!  රට පැනපු පහක් ගෙන්වා ගන්නත් සාකච්ඡා

දේශපාලඥයන්ට විවිධ දූෂණ වංචා හා අක්‍රමිකතා සිදුකිරීමට උදව් කළ සහ ආධාර අනුබල දුන් බව කියන අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රජයේ උසස් නිලධාරින් 18ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන කණ්ඩායම් පරීක්ෂණ ආරම්භ කර ඇත.

 විවිධ දූෂණ වංචා චෝදනා එල්ල වූ රජයේ උසස් නිලධාරීන් පස්දෙනෙකු දැනට විදේශයන්ට පලා ගොස් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය මෙ නිලධාරින් අවශ්‍ය අවස්ථාවලදී මෙරට ගෙන්වා ගැනීමට හෝ අත්තඩංගුවට ගැනීමට පියවර ගන්නා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

 ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයින්ට විවිධ දූෂණ වංචා හා ක්‍රමිතා කිරීමට ආධාර අනුබල දී ඇතැයි පැවසෙන මෙම රජයේ උසස් නිලධාරින් එම අක්‍රමිතාවලින් තමන්ද යම් යම් වාසි වරප්‍රසාද ලබාගෙන ඇති බවට කෝටි ගණනින් ඉඩම් වාහන ඇතුළු දේපළ මිලදීගෙන ඇති නිලධාරීන් කීපදෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වෙන බවත් විමර්ශන කණ්ඩායම් පවසති 

මෙම නිලධාරීන් බැංකු ගිණුම් පරීක්ෂා කිරීමටද විමර්ශන කණ්ඩායම් මේ දිනවල කටයුතු කරමින් සිටිති

Search