මානව හිමිකම් මහා කොමසාරිස් ආවේ එල්ටීටීඊ හිතවාදීන්ගේ වුවමනාවන්ට- විමල් වීරවංශ

මානව හිමිකම් මහා කොමසාරිස් ආවේ එල්ටීටීඊ හිතවාදීන්ගේ වුවමනාවන්ට- විමල් වීරවංශ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් වෝල්ට  ටර්ක් මෙරට සංචාරයක නිරත වූයේ. එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ වුවමනාවට අනුව සකස් කරන මානව හිමිකම් පිළිබඳ වාර්තාවක් ඉදිරියේ දී පවත්වන ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ චෝදනා කළේය.

 ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂයට මේ පිළිබඳ වගේ වගක් නැති බවද විපක්ෂය පිරිස් මේ පිළිබඳව කතා නොකරන්නේ ඔවුන්ගේ කටවල ජිනීවා පිට්ටු හිර වී ඇති නිසා යයිද වීරවංශ මහතා කීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයකු සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ කිසියම් තීරණාත්මක සිදුවීමක් සිදුවීමට මත්තෙන් බවද ඔහු මෙම සංචාරයේදී සිදුකළ ප්‍රකාශ ඉතා බරපතල බවද මෙම සංචාරයේදී වෝල්ට ටර්ක් මහතා හමුවී ඇත්තේ දෙමළ බෙදුම්වාදී අදහස් දරන්නන් පමණක් බවද විමල් වීරවංශ මහතා පැවසීය.

යුද්ධයට නායකත්වය දුන් හමුදා ප්‍රධානීන් නීතිඥ සංවිධාන ජාතික සංවිධාන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාව හමුවීමට අවස්ථාව ඉල්ලා සිටියද ඒ එක ඉල්ලීමක්වත් ඔහු සැලකුවේ නැති බවද නමුත් පැලවත්ය රතු වස්ත්‍රධාරී කිල්මින් සිල්වා මහතාව ඉතා කැමැත්තෙන් ගොස් ඔහු මුණ ගැසී ඇති බවද ජාතික නිදහස් පෙරමුණේ නායකවරයා කීය .

Search