පරාටේ නීතිය අද සිට...කර්මාන්ත 263,000 ක් වැහිලා

පරාටේ නීතිය අද සිට...කර්මාන්ත 263,000 ක් වැහිලා

පරාටය නීතිය අද සිට ක්‍රියාත්මකය. එහෙත් මේ සම්බන්ධයෙන් ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන්ගේ සංගමය කියා සිටින්නේ ව්‍යාපාරිකයන්ගේ දේපළ අනිසි ලෙස මෙමඟින් බැංකුවලට නතුවන බවයි.


   එනිසා මෙම ව්‍යාපාරිකයන්ට නය ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන ලෙසද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න ලියනාරච්චි මහතා රජයෙන් ඉල්ලා සිටි. එම සංගමය ප්‍රකාශ කරන්නේ 2022 අගෝස්තු වන විට කර්මාන්ත දෙලක්ෂ හැට තුන්දාහක් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී වසා දමා ඇති බවයි.

 මිලියන 450ක ආදායම උපයා ඇතැයි කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති
පවසන මුත් එය 2023 2024 2015 වර්ෂ වල එකතුවක් බවද එම සංගමය කියයි. එබැවින් ණය අය කර ගැනීමේ විධිවිධාන  පනත තාවකාලිකව පැත්තකින් තබන ලෙසත් වසරකට සහන කාලයක් හෝ ලබාදෙන ලෙසත් එම සංගමය මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න ලියන ආරච්චි මහතා ඉල්ලා සිටියි

Search