කොළඹ ජාතික රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ අඩාල වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කරයි.
ඒ මහතා සඳහන් කරන ආකරයට පසුගිය 15වන දා සිට මෙම තත්ත්වය උද්ගතව ඇත
මෙහිදි MRI ස්කෑන් පරීක්ෂණ අඩාල වී තිබුණ ද පරික්ෂණ පැවැත්වීමේ නොහැකියාවක් නොමැති වුව ද, ජාලගත කිරීමේ පද්ධතිය බිඳවැටීම හේතුවෙන් අදාළ ඡායාරුප වාට්ටුවට යැවීම ප්‍රමාද වන බව ද ඔහු පවසයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කර ඇති බව ද චානක ධර්මවික්‍රම වැඩිදුරටත් සඳහන් කර සිටියි.
කෙසේවෙතත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරංචිමාර්ග අනුව ජාතික රෝහලේ පැවති MRI ස්කෑන් යන්ත්‍ර හතරින් දෙකක් ම අක්‍රිය වී ඇති බැවින් ක්‍රියාත්මක වන්නේ දෙකක් පමණි.
මෙම බිඳවැටීම සිදුවීමට පෙර කොළඹ ජාතික රෝහලේ දිනකට MRI ස්කෑන් පරීක්ෂණ 50ක් 60ක් පමණ සිදු කළ ද මේ වන විට එම පරික්ෂණ සිදු කෙරෙන්නේ 15ක් 20ක් පමණ ය.
මෙම පරික්ෂණය පෞද්ගලික රෝහලකින් කරන්නේ නම් රුපියල් 30,000.00 සිට 1,50,000.00ක් දක්වා පමණ වූ අධික මුදලක් වැය කළ යුතු බවද පැවසෙයි.
මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරන්නේ විෂය භාර අමාත්‍යවරයා කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පිහිටුවීමට කරන කැපකිරීම හමුවේ මෙබඳු ප්‍රශ්න සම්බන්ධව සොයා බැලීමට විවේකයක් තිබේද යන්න පවා සැකසහිත බවයි.
මේ වන තුරු ජාතික රෝහල සඳහා අධ්‍යක්ෂවරයෙකු පත්කර නොමැති අතර වැඩබැලීම සඳහා වෙනත් රෝහලක අධ්යක්ෂවරයෙක් පත්කර ඇති බවද ඔවුන් පවසයි.
එබැවින් පරිපාලන ගැටළු පවා අවශ්‍ය බරින් මැදිහත්වී සිදුකිරීම බරපතල ලෙස ප්‍රමාද වෙමින් ඇති බවද ඔවුන් පවසයි.
එසේම වත්මන් ආණ්ඩුව පිහිටුවා මාස 9ක් ගෙවී ගියද අත්‍යවශ්‍ය ඖෂධ හිඟය ඇතුලු අඩුපාඩු සම්බන්ධව කඩිනමින් විසඳුම් සැපයීම වෙනුවට පැවති රජයන් විවේචනය කරමින් සිටීමට සීමාවී ඇති බවද ඔවුන් පවසයි.
තවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් ද ස්වාධීනව රාජකාරි තීරණ ගැනීමට බියක් පෙන්නුම් කෙරෙන අතර එය දිගටම පැවතීම සෞඛ්‍ය ක්ෂේත්රයේ බරපතල කඩා වැටීමකට හේතුවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි