එදා මම ඉංග්‍රීසි අධ්‍යාපනයේ වැදගත්කම කියද්දි විහිළු කළ අයම අද විහිළුවට ලක්වෙලා- සජිත් ප්‍රේමදාස -විපක්ෂ නායක

එදා මම ඉංග්‍රීසි අධ්‍යාපනයේ වැදගත්කම කියද්දි විහිළු කළ අයම අද විහිළුවට ලක්වෙලා- සජිත් ප්‍රේමදාස -විපක්ෂ නායක

ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ විහිළුකාරයන් නොවී මෙරට දරු පරපුරට හා වත්මන් පරපුරට සාධාරණත්වය ඉටු කිරීමට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය කරා යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දෙහිඅත්තකණ්ඩියේදී ඊයේ (ජූලි 2) අවධාරණය කළේ ය.

ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන අයිතිය කෝටි-ප්‍රකෝටි පවුල්වලට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද හිමිවිය යුතු බවත් එය මූලික හා මානව අයිතියක් බැවින් ජාත්‍යන්තර සම්මේලනයේදී සිදුවූ දේ ගැනවත් සිතා ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය.

රජයේ පාසල් සෑම එකක ම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලබාදිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදා තමන් ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ වැදගත්කම ගැන කියද්දී විහිළු කළ අය ම අද විහිළුවක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

මේවා රටට ඉදිරිපත් කිරීමේදී දේශපාලන ප්‍රහාරවලට මුහුණ දීමට පවා සිදු වූ බවත් ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි වැඩියෙන් ලබා දීමට අවශ්‍ය බවත් පවසන විට මෝඩ කතා යැයි තමාට අපහාස කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉංග්‍රීසි භාෂාව වැරදි ආකාරයට භාවිත කිරීමට වගකිව යුත්තේ යාවත්කාලීන නොවූ ලෝකය යන රටාවට වෙනස් නොවූ යල්පැන ගිය අධ්‍යාපනය බව ඔහු කීය.

සක්වල වැඩසටහන හරහා පාසල්වලට පරිගණක, ස්මාර්ට් බෝඩ්, මුද්‍රණ යන්ත්‍ර පරිත්‍යාග කළ බවත් ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය වර්ධනය කිරීමේ වැදගත්කම ඉස්මතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමාට කොතරම් පහර පිට පහර ගැහුවත් දැන් සත්‍ය හෙළිදරව් වී ඇති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Search