මේ රැවටිලිකාර, බොරුකාර, පොරොන්දු කඩ කරන, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලා කරලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ රැවටිලිකාර, බොරුකාර, පොරොන්දු කඩ කරන, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලා කරලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දුර්වල අකාර්යක්ෂම බොරුකාර රැවටිලිකාර වත්මන් රජයේ ක්‍රියාපටිපාටිය තුළ රටේ ජනතාවට ලොකු හානියක් සිදුවන බවත් ඊයේ දිනයේ හිටිහැටියේම තෙල් මිල ඉහළ දැමූ බවත් තෙල් මිල ඉහළ දැමූ වත්මන් රජය පසුගිය මැතිවරණවල දී පවතින තෙල් මිල සූත්‍රය වෙනස් කරන බවට පැවසු බවත් ඊට අමතරව වරායේ ගොඩබාන මිලටම තෙල් ටික පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට ප්‍රකාශ කළ බවත් වරායේ ගොඩබාන විට එක මිලක් සහ ජනතාවට ලබා දෙන්නේ තවත් මිලකට බවත් එයට හේතුව දූෂණය වංචාව හොරකම කොමිස් ගැසීම බවත් ඒවා සියල්ල නතර කර තෙල් මත පටවන බදු ඉවත් කර බලාපොරොත්තු වූ ආකාරයටම වරායේ ගොඩබාන මිලටම තෙල් ටික දෙනවා කිව්වත් එය ද නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*කෝ දෙනවා කිව්ව තෙල් මිල සහනය?*

ඇමතිවරුන්ට නිලධාරීන්ට යන කොමිස් මුදල් නතර කළා ද ඉන්ධන මත පටවන බදු බර නැති කළා ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් වරායේ ගොඩබාන මිලටම පාරිභෝගික ජනතාවට තෙල් ලබා දෙනවාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් IMF එකේ 4 වැනි වාරිකය ලබා ගැනීමට ඒ කොන්දේසි ක්‍රියාත්මක කරන්නේද කියා ගැටලුවක් ඇති බවත් තෙල් මිල සූත්‍රය වෙනස් කර ජනතාවාදී කරනවා යැයි පැවසුවත් අද මොවුන් පිළිපදින්න හිටපු රජයේ තෙල් මිල සූත්‍රය බවත් තෙල් මිල ඉහළ දැමූ පදනම දැන ගැනිමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*වැඩිහිටි ඉතිරිකිරීම්වලට දෙනවා කිව්ව 15% පොළිය කෝ?*

මේ රජය අද කරන්නේත් ජනතාව රැවටීම මංමුලා කිරිම අනාථ කිරීම සහ බොරු කීම බවත් මේ වන විට වැඩිහිටි ප්‍රජාවගේ ඉතිරි කිරිම් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා යැයි පැවසුවත් එය ද නොවන බවත් 15% වැඩිහිටි ඉතිරි කිරීම් පොලිය ලැබෙනවාද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් එදා ලක්ෂ 15 සහ ලක්ෂ 10 තැන්පතුවලට 15% පොලිය ලබා දීම සිදු වුවත් එය ද රටේ ජනතාවට අහිමි කර ඇති නිසා වැඩිහිටි ප්‍රජාව අපේක්ෂා කරන 15% පොළිය ලැබෙනවාද කියා දැන ගැනිමට අවශ්‍ය බවත් අලුත් ඉතිරි කිරීමේ ගිණුම්වලට වැඩිහිටි අයට වැඩි ප්‍රතිලාභ කියා ප්‍රචාරය කළ බවත් මින් වැඩිහිටි ප්‍රජාව අපේක්ෂා කරන 15% පොළිය ලැබෙනවද නැද්ද කියා ජනතාවට ප්‍රකාශ කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

*අද වන විට ඖෂධ සහ උපකරණ රැසක් හිඟයි*

එමෙන්ම ඖෂධ හා උපකරණ හිගයක් ඇති බවට විපක්ෂය පෙන්වා දුන් බවත් ජිවිත බේරා ගන්න අවශ්‍ය උපකරණ ප්‍රමාණවත් නොවන බවත් සමහර උපකරණ කැඩි ඇති බවත් මේ වන විට කොළඹ මහ රෝහලේ MRI ස්කෑනින් යන්ත්‍රය ක්‍රියා විරහිත වී ඇති බවත් රෝගී ජනතාවට මෙම පර්යේෂණ බාහිරින් කර ගැනීමට සිදුව ඇති බවත් ඖෂධ හා උපකරණ හිගය ගැන විපක්ෂය ප්‍රශ්න කරන විට විවිධාකාරයේ උත්තර ලබා දී චෝදනා කළ බවත් බොරුකාර රැවටිලිකාර රජයේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය මෙය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

*ඝාතන සංස්කෘතිය තවමත් ක්‍රියාත්මකයි*

තවදුරටත් ඝාතන සංස්කෘතිය ක්‍රියාත්මක වී මිලේච්ඡත්වය ක්‍රියාත්මක බවත් නාදුනන තුවක්කුකරුවන් විසින් වෙඩිතැබීම් ආදිය සිදු කර මැර කල්ලි හා පාතල කල්ලි මිනිමැරීම් සිදු කරන බවත් රට පුරාම මේ නිසා ජීවිත හානි සිදුවන බවත් මේ රජයට නීතිය හා සාමය ස්ථාපිත කරන්න වැඩපිළිවෙළක් නොමැති ද කියා ප්‍රශ්න කරන බවත් සත්‍ය වශයෙන්ම මහජන ආරක්ෂාව තහවුරු කරන්න රජයට නොහැකි නිසා මේවා ජාතික ආරක්ෂාව ගැන ගැටලු නොවන බවට පවසන බවත් මහජනතාවගේ ආරක්ෂාව ජාතික ආරක්ෂාව නිසා මහජනතාවගේ ආරක්ෂාව සුරක්ෂා කරන්න රජය බැදී සිටින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ රැවටිලිකාර බොරුකාර පොරොන්දු කඩ කරන අකාර්යක්ෂම රජයට දුන් පොරොන්දු ඉටු කරන්න බැරි මෙන්ම ජනතාව මංමුලාකරන පච කියා ඇති බවත් මේ වන විට රජ වී ඇත්තේ බොරුවයි රැවටිල්ලයි මංමුලාවයි පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Search