ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ගත වූ මාස 6 තුළ දී රුපියල් ට්‍රිලියනය (බිලියන 1,000) ඉක්ම වූ ආදායමක් උපයා ඇති බව කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ ප්‍රකාශ කර තිබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, 2025 වසර සඳහා රජය ලබාදුන් ආදායම් ඉලක්කය පසුකර යෑමට හැකිවනු ඇති බවයි.
“ ශ්‍රී ලංකා රේගුවේ ආදායම මේ වනවිට රුපියල් ට්‍රිලියනයේ සීමාව ඉක්මවා තිබෙනවා. වසරේ තවම මාස 6යි ගතවෙලා තියෙන්නේ. මේ වසරේ දී රජය අපිට ලබාදීලා තියෙන ආදායම් ඉලක්කය බිලියන 2115ක් (ට්‍රිලියන 2.115).ඒ අනුව රේගුවට මේ වනවිට හිමිවෙලා තිබෙන ආදායම අනුව එම ඉලක්කය පසුකර යෑමට හැකිවෙයි කියලා අපි හිතනවා. මෙම සාර්ථකත්වයට හේතු වුණේ ශ්‍රී ලංකා රේගුව තුළ ක්‍රියාත්මක වූ ආදායම් එකතුකර ගැනීමේ ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගතකිරීම නිසා” යැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.