දකුණේ විශේෂ මෙහෙයුමක්.. 457 දෙනෙකු අත්අඩංගුවට

දකුණේ විශේෂ මෙහෙයුමක්.. 457 දෙනෙකු අත්අඩංගුවට

දකුණු පළාතේ ගාල්ල, මාතර සහ ඇල්පිටිය පොලිස් කොට්ඨාස තුළ පෙරේදා (ජූලි 5) රාත්‍රී 7:00 සිට රාත්‍රි 11:00 දක්වා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යොදවා කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයන් 457 දෙනෙකු සහ හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා කිලෝග්‍රෑම් 170ක් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩබලන පොලිස්පතිවරයාගේ විශේෂ මගපෙන්වීම යටතේ සිදුකළ මෙම මෙහෙයුමේදී නිලධාරීන් 1,500ක් ඒකාබද්ධව ක්‍රියාකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිඥ එෆ්. යූ. වුට්ලර් පැවසීය.

මෙම මෙහෙයුමේදී පුද්ගලයන් 3,288ක් සහ වාහන 1,365ක් සෝදිසියට ලක්කර තිබේ.

මෙහෙයුමේදී විවිධ චෝදනාවලට ලක්වූ වාහන 77ක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර වරෙන්තුකරුවන් 54ක් සිටින අතර බීමත් රියැදුරෝ 66දෙනෙක් වෙති.

මෙහෙයුමේදී ක්ෂණික මාර්ග බාධක 207ක් යොදවා ඇත.

Search