ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 12 දෙනකුට ලබන 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (07දා) සිතාසි නිකුත් කළේය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා සලකා බැලූ මහේන් වීරමන්, ප්‍රදීප් අබේරත්න හා අමාලි රණවීර යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය. එදින එම විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදීමට නියමිතය. එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරුන් සිවුදෙනකු ද නම් කිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබිණි