මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කළ මූලික මුදල ආපසු ඉල්ලා අදානී ග්‍රීන් එනර්ජි සමාගම
බලශක්ති අමාත්‍යංශයට පසුගිය මැයි මාසයේදී ලිපියක් යොමු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.. අදානී ග්‍රීන් එනජි සමාගම යොමු කර ලිපියේ ආපසු ඉල්ලා ඇති මුදල මුදල සඳහන් නොවන බවත් සමාගම එය ඇස්තමේන්තු කරමින් සිටින බවත් ආරංචි මාර්ග පැවසුවේය.
ඒ හේතුවෙන් අදානී ව්‍යාපෘති අවලංගු කළ රජයට අමතර පීඩනයක් එල්ල වී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මීට පෙර අදානී ග්‍රීන් එනර්ජි සමාගම රජයට දන්වා තිබුණේ මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාරය සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතිවලින් තම සමාගම ඉවත් වන බවයි
මන්නාරම් සුළං බලාගාරයට වැය කළ මුදල අදානී ඉල්ලයි
