දැරණියගල ප්‍රාදේශීය සභාවේ බලය ‘සජබ‘ට

දැරණියගල ප්‍රාදේශීය සභාවේ බලය ‘සජබ‘ට

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි දැරණියගල ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් අද සමගි ජන බලවේගයට හැකි විය.

දැරණියගල ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති අද (8) දින එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ඉන්දික ප්‍රසාද් රණසිංහ මහතා දැරණියගල ප්‍රදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලදී.

Search