රනිල් වැනි පරිණත නායකයකු හිටියා නම් ආසියාවේ අඩුම බද්ද ලබන රට ශ්‍රී ලංකාවයි – එජාප සභාපති වජිර අබේවර්ධන

රනිල් වැනි පරිණත නායකයකු හිටියා නම් ආසියාවේ අඩුම බද්ද ලබන රට ශ්‍රී ලංකාවයි – එජාප සභාපති වජිර අබේවර්ධන

44% සිට 30% දක්වා බද්ද අඩුවුණා කියලා උදම් අනන එක ගැන ලැජ්ජා විය යුතුයි

“ඇමෙරිකානු බදු සියයට 44 සිට 30% දක්වා අඩුවුණා කියලා උදම් අනන එක ගැන ලැජ්ජා විය යුතුයි. රනිල් වික්‍රමසිංහ වැනි පරිණත නායකයකු රට පාලනය කළා නම් ආසියාවේ අවම බදු සහනය ලබන රට බවට අප රට පත්වන්න තිබුණා” යැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා යක්කලමුල්ල, කරාගොඩ ශ්‍රී දේවරක්ඛිත විහාරස්ථානයේ පැවැති ඇසළ කලාපය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ,

“අද අපේ රටේ ප්‍රධානම මාතෘකාව බවට පත්වෙලා තිබෙන්නේ ඇමරිකාව විසින් අපේ රටට පනවනු ලැබූ බදු ප්‍රතිපත්තිය සම්බන්ධවයි. ඒ නිසාම ශ්‍රී ලාංකික මහජනතාව මේ පිළිබඳ හොඳ අවධානයකින් යුතුව ක්‍රියා කළ යුතු වෙනවා. මේ අනතුර පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඉතිහාසය පුරාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තිබුණා. ඒ නිසා තමයි එතුමා 2015 පාලන කාලයේදීත්, ඉන් මෙහාටත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වලා දෙන්න උත්සාහ කළේ. මට මතක විදිහට ඩොලර් බිලියන 415ක ග්‍රාන්ට් එකක්, ඒ කියන්නේ තෑගි මුදලක් ඇමරිකාවෙන් ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කටයුතු කරමින් සිටියේ.

ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාව තුළ සිටි විවිධ කණ්ඩායම් හැසිරුණු ආකාරය ශ්‍රී ලංකාවේ මහජනතාව නැවත සිහිපත් කරගත යුතුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියටත්, සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ලෙසත් කටයුතු කළ අවස්ථාවේදී මේ කටයුත්ත එදා ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලාංකික මහජනතාව ඉඩ දුන්නා නම් ආසියාවේ ප්‍රථම බදු සහනය ලැබෙන රට බවට ශ්‍රී ලංකාව පත් වෙනවා.

උදාහරණයක් හැටියට ගත්තොත් දැන් බොහෝ අය කතා වෙනවා ඇමරිකානු බදු සියයට 44 සිට සියයට 30 දක්වා අඩු වුණා කියලා. මම නම් හිතන්නේ මෙය ලැජ්ජා විය යුතු කාරණයක්. ඔබ හොඳින් මතක තබාගත යුතුයි, මේ වගේ අවස්ථාවක වැදගත් වෙන්නේ කල්වේලා ඇතිව ජාත්‍යන්තරයේ හැසිරවීම අවබෝධ කරගත හැකි රාජ්‍ය නායකයන් රට පාලනය කිරීමයි. ඒ නිසාමයි මම විවිධ අවස්ථාවල ඒ දේ ප්‍රකාශ කළේ

Search