දේශගුණික බලපෑම් අවම කරන ව්‍යාපෘතියෙත් දූෂණ වංචා රැසක්

දේශගුණික බලපෑම් අවම කරන ව්‍යාපෘතියෙත් දූෂණ වංචා රැසක්

ලෝක බැංකු මූල්‍ය ණය පහසුකම් මත කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණික බලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහනේ සිදුවී ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් අල්ලස් දූෂණ නාස්තියට එරෙහිව පුරවැසි බලය සංවිධානය අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි...

 ඒ පැමිණිල්ල මගින් එම සංවිධානය අල්ලස් කොමිසමට පෙන්වා දෙන්නේ අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක මෙම ව්‍යාපෘතිය මගින් දුෂණ වංචාර රැසක් සිදුවී ඇති බවයි.

 ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක ලෙස කෘෂිකාර්මික උපාධියක් ඇති අයෙක් හිටපු අමාත්‍ය ශෂීන්ට රාජපක්ෂගේ අවශ්‍යතාවය මත පත්කොට ඇති බවයි, වරලත් ඉංජිනේරුවන් බඳවා ගැනීමට පුවත්පත් දැන්වීමත් ඉංජිනේරුවන් සම්මුඛ පරීක්ෂණයකට භාජනය කර ඒ සම්බන්ධයෙන් කිසිදු සුදුසුකමක් නැති පුද්ගලයක පත්කර ඇති බවද ඒ සංවිධාන චෝදනා කරයි

Search